ලොව විශාලතම මත්ස්‍ය ටැංකිය පුපුරා යයි (ඡායාරූප)

ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය ලෙස සැළකෙන බර්ලින් හි – රැඩිසන් බ්ලු හෝටලයේ පිහිටා ඇති ‘ඇක්වා ඩොම්’ ටැංකිය පුපුරා ගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍යවාර්තා කළේ මෙම මාළු ටැංකිය පුපුරා යාමෙන් එහි සිටි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

‘ඇක්වා ඩොම්’ නම් මෙම මත්ස්‍ය ටැංකිය තුළ මත්ස්‍ය විශේෂ 100 කට අධික ප්‍රමාණයක මාළුන් 1500ක පමණ සංඛ්‍යාවක් ජීවත්ව සිට ඇති බව සඳහන්.

උසින් මීටර් 15.85ක් පමණ වූ මෙම ටැංකිය තුළ වතුර ලීටර මිලියනයක් ගබඩා කර තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මත්ස්‍ය ටැංකිය පුපුරා යාමෙන් එහි වීදුරු කැබලි ඇඟේ වැදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, රැඩිසන් බ්ලු හෝටලයට ද සැළකිය යුතු හානියක් සිදුව ඇතැයි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

‘ඇක්වා ඩොම්’ මත්ස්‍ය ටැංකිය 2003 වසරේ විවෘත කෙරනු අතර, මෙය සලාකෙන්නේ ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය ලෙසයි.

මෙය නිර්මාණය සඳහා යුරෝ මිලියන 12.8 ක මුදලක් වැය වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25