ණය ප‍්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අඛණ්ඩව සහය වන බව ජපාන නියෝජිත පිරිස අවධාරණය කරයි

ණය ප‍්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අඛණ්ඩව සහය වන බව ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම මෙම අභියෝගාත්මක වාතාවරණය හමුවේ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් පැවති සාකච්ඡාවක දී මේ බව කියා ඇත.

මෙම සාකච්ඡාව ජපාන තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් අතර ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී (13) පැවැත්වීය.

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය/ අධ්‍යක්ෂ ජනරාල් Yutaka Arima මහතා, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ TSTSUMI Taro මහතා, ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා, KATSUKI Kotaro මහතා, අමාත්‍ය/ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, IWASE Kiichiro මහතා, නිරිත දිග ආසියා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, OHASHI Kenji මහතා, පළමු ලේකම්/ ප්‍රධානියා සංවර්ධන සහයෝගිතා අංශය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.