හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ගුරුවරයෙකු ධාවනය කල යතුරුපැදියකට එම පාසලේම ප්‍රථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගැටි අනතුරට පත් විමෙන් පාසල් සිසුවා තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් තරුණ බෞද්ධ සමිති මාවත මාර්ගයේදිය.
(12) දින පස්වරුවේ පාසල නිමා වි අනතුරට පත් සිසුවා නිවස කරා ගමන් කරමින් සිටින අතරතුර , සිසුවා එක වරම අපරික්ෂාකාරි ලෙස මාර්ගය හරහා මාරු විමට යාමේදි පාසලේ සිට නිවස කරා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ගුරුවරයාගේ යතුරුපැදියේ ගැටි සිසුවා තුවාල ලබා ඇත.
යතුරුපැදිය ධාවනය කල ගුරුවරයා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.
අනතුරෙන් තුවාල ලැබු සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බවද හැටන් පොලිසිය පැවසිය.










