අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකෙරේ

අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස මගින් මිලදී ගන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ අනුව පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 250කි. පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා තිබෙන අතර එහි මිල රුපියල් 385කි. සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි.ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190කි.ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා තිබෙන අතර එහි එහි නව මිල රුපියල් 490කි.

මෙම මිල ගණන් යටතේ දිවයිනේ ඕනෑම ලංකා සතොස මගින් මිලදී ගත හැකි.