සහල් ආනයනය පිලිබඳ විශේෂ ගැසට් නිවේදනයක්

සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

කෙසේ වෙතත් බාස්මති සහල් මෙම තහනමට යටත් නොවේ.

නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.