පාසල් ළමුන්ට මත්පෙති බෙදූ පුද්ගලයකු අත්අඩංගුවට

ඊයේ (13) චීනවරාය පොලිස් වසමේ F40 ධාන්‍යගම දි පාසල් ළමුන්ට මත් පෙති අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ මිලි ග්‍රෑම් 150 වර්ගයේ පෙති 250ක් (මත් පෙති) තිබි අතර වැඩිදුර විමර්ශනය කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති බව වාර්තා වනවා.

වැඩිදුර විමර්ශන කටයුතු චීනවරාය පොලිසිය මඟින් මෙහෙයවනු ඇති.