හිටපු උපකුලපතිගේ සිද්ධියට අදාළව සිසුන් පිරිසක් රිමාන්ඩ්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුතාට පහර දී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුන් 10 ලබන 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් වීරසේකර මහතා අද (13) නියෝග කළා.

එදින ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර අයුතු ජනරාශිය, පහර දී තුවාල සිදුකිරීම, ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?