රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගන්නා බවත්, වී හා බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යුරියා හා අනෙකුත් පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලට සහනාධාරයක් ලෙස මුදල් බැර කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා
මේ අනුව වගාවට අවශ්‍ය යුරියා පොහොර ඇතුළු සියලු පොහොර සැපයීම පුද්ගලික අංශ මගින් සිදු කරන අතර පොහොර මුල දී ගැනීමට අවශ්‍ය මුදල් රජය විසින් ගොවි ජනතාවට ලබා දෙන අතර හෙක්ටෙයාර් එකකට රුපියල් 50,000කට වැඩි මුදලක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ඔහු පැවසීය