පොහොට්ටු මන්ත්‍රී සත්‍යග්‍රහයක

තම තැපැල් කාර්යාලය ඉවත් කිරීමට විරෝධය පා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොහොට්ටු මන්ත්‍රී ජයවීර මාතරආරච්චි මහතා සත්‍යග්‍රහයක් ආරම්බ කරන ලදී. පනාමුර පොලිස් වසමේ ගොඩවෙල මංසන්දියේ ඉදිකල ස්ථානයක මෙම සත්‍යග්‍රහය ආරම්බ කල අතර නිසි විසදුමක් නොදෙන්නේනම් දිනතුනකින් පසුව මාරාන්තික උපවාසක් දක්වා මෙම විරෝධය ගෙන යන බව උප සභාපති වරයා පවසයි.

ගොඩවෙල නුංගහයාය තැපැල්කාර්යාලය ස්ථාපිත කර මේ වන විට වසර 40ක් පමණවේ. මීට මාස හයකට පමණ පෙර ‍ගොඩවෙල නුංගහයාය තැපැල් කාර්යාලයේ සේවය කල තැපැල් ස්ථානාධිපතිවරයා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වෙනත් නිළධාරියෙකු පත් කර තැපැල් කාර්යාලය පවත්වනවා වෙනුවට එම තැපැල් කාර්යාලය වසා දමා ඇත. මේ වන විට මාස හයක්ද ඉක්ම ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් විටින් විට ජනාධිපතිවරයාගේ සිට සියලු බලධාරීන්ට  දැනුවත් කලද ඔවුන් විසින් තැපැල්පති වරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත. රුපියල් 500 යේ දීමනාවන් ලබා ගන්නා ප්‍රදේශයේ අහින්සක ජනතාවට මේ වන විට රුපියල් 500ට වඩා වැඩි මුදලක් ගෙවා වෙනත් තැපැල් කාරඒයාලවලට ගොස් තම දීමනාවන් ලබා ගැනීමට සිදුව ඇත. මෙම ප්‍රදේශ කදු සහති ඉතා දුෂිකර ප්‍රදේශ වන අතර ප්‍රවාහන පහසුකම්ද පවතින්නේ අඩු වශයෙනි.මේ හේතුවෙන් වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා, ඇතුලු දීමනා ලබන රෝගීන් මෙන්ම  ජේෂ්ඨ පුරවැසියන්ද පත්ව ඇත්තේ මහත් අසරන භාවකටය.

සත්‍යග්‍රහයේ යෙදෙන උපසභාපති වරයාට සහයෝගය දක්වමින් තවත් වැඩිහිටියන් පිරිසක් විරෝධතා පුවරුද රැගෙන එම ස්ථානයේ සිටින අයුරු දක්නට විය.