හිටපු උපකුලපතිට පහරදීම ගැන විමර්ශනයක් පවත්වන ලෙස ජනපතිගෙන් නියෝග

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු සියලු නිලධාරීන්ට නියෝග කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පෙරේදා (10) දිනයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් පහර දීමක් සිදුකර තිබුණා.