සරසවියේ හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධියට සිසුන් දසදෙනෙකු හඳුනා ගැනේ

පෙරේදා (10) රාත්‍රි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් දසදෙනෙකු පමණ මේ වනවිට හදුනාගෙන තිබෙනවා.

මහාචාර්යවරයාගේ නිවසේ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගෙන එහි දේපළවලට හානි සිදුකරන සිසුන් හඳුනාගෙන තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ද අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේ දී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමඟ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?