චාමික කරුණාරත්නට දඩයක්

ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට තරග මුදලින් සියයට 40 ක දඩයක් පැනවීමට සහ දඩුවම් ලකුණු 2 ක් එකතු කිරීම‍ෙ තරග තීරකවරයා තීරණය කර තිබේ.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයේදී මෙලෙස දඩුවම් හිමිව තිබෙනවා.

‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල නියෝජනය කරන චාමික, ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව තරගයේදී හතරේ සීමා අසළ පන්දු රකිමින් සිටියදී ඒ අසළ පැමිණි ප්‍රේක්‍ෂකයන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගත්තේ යැයි කියන සිද්ධියක් මෙම දඩුවමට හේතු වී තිබේ.

මෙහිදී කැන්ඩි පිලේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් චාමික පන්දු 16 කින් නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?