අධික සීතලත් සමඟ කිරි ගවයින් 150කට වැඩි සංඛ්‍යාවක් මහ මඟ මිය ගිහින් (ඡායාරූප)

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වයත් සමඟ එය දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ කිරි ගවයින් 165ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

කිලිනොච්චිය, කරච්චි ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයට අයත් පොන්නගර් ප්‍රදේශයේ කිරිගවයින් සහ එළුවන් ගව ගාල් තුළ සහ මාර්ගවල මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අධික සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා හිමිකරුවන් මාර්ගවල සහ ගවමඩුවල විශාල ගිනිමැල ගසා එම සතුන් උණුසුම් කිරීමට කටයුතු කරන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පවතින අධික සීතල තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පැවතිය හොත් මිය යන සතුන් ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බවයි කිලිනොච්චිය ආපදා කළමණාකරණ කාර්යාලය පවසන්නේ.

ඒ, හේතුවන් ගවයින්, එළුවන් ඇතුළු සතුන් හැකි සෑම අවස්ථාවකම උණුසුම් ස්ථානවල රඳවන ලෙසට ගොවියන්ට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42