ප්‍රයෝජනයක් නොගෙන වසරක සිට පුත්තලම දුම්රිය ස්ථානයේ දිරාපත්වන ඉන්දීය දුම්රිය මැදිරි (ඡායාරූප)

මෙරට ධාවන තත්ත්වයට නුසුදුසු මට්ටමේ ඇති ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි 10ක්, වසරකට ආසන්න කාලයක සිට පුත්තලම දුම්රිය ස්ථානය තුළ වල් වදිමින් දිරා පත්වන්නට ඉඩහැර ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

පුත්තලම දුම්රිය ස්ථානය ආසන්නයේ ගාල්කර දිරා පත් වන්නට ඉඩ හැර ඇති මෙම දුම්රිය මැදිරි 2021 දෙසැම්බර් මාසයේ දී මෙරටට ගෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ණය ආධාර ක්‍රමයක් යටතේය මෙවැනි දුම්රිය මැදිරි 120ක් මෙරටට ගෙන්වා ඇති අතර, මේවායේ වටිනාකම රුපියල් 13,000,483,427ක් බව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන්.

ඒ, අනුව මෙම එක් දුම්රිය මැදිරියක දළ වටිනාකම රුපියල් 108,337,361.89ක් වන අතර මේ ආකාරයෙන් පුත්තලම දුම්රිය ස්ථානයට යාබදව දිරා පත් වෙමින් පවතින දුම්රිය මැදිරි රුපියල් 1,083,373,618.90ක වටිනාකමකින් යුක්තයි.

තුන්වන පංතියේ මගී දුම්රිය මැදිරි 09 ක් සහ වෙන් කළ හැකි 02 වන පංතියේ මගී දුම්රිය මැදිරියක් මෙලෙස විනාශයට පත්වීමට ඉඩහැර ඇති අතර,වසරකට ආසන්න කාලයක් මෙම මැදිරි 10 පුත්තලම දුම්රිය ස්ථානය ආසන්නයේ ගල්කර තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැහැ.

පුත්තලමේ දී දිරා පත් වෙමින් තිබෙන විට හමුව වූ මෙම මැදිරි 2021 දෙසැම්බර් මස 31 වනදා මෙරටට ගෙන්වන ලද දුම්රිය මැදිරි 120න් 10 ක් පමණයි.

අනෙකුත් දුම්රිය මැදිරි ද මෙරට කුමන හෝ ස්ථානයක දිරා පත් වෙමින් පවතින බව නම් නොඅනුමානයි.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර ඇති රජයේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබදව වන වාර්තාවක් නිකුත්කර තිබෙනවා.

සතියේ දිනවල උදෑසන සහ සවස් කාලයේ M 11 දුම්රිය එන්ජින් යොදා ගනිමින් මෙම මැදිරිවලින් වැඩි මගී ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම මූලික අරමුණ වී තිබූ බව දුම්රිය පාලනාධිකාරිය විගණන නිලධාරීන් හමුවේ සදහන් කර ඇත්තේ.

මෙරට ධාවන තත්ත්වයට නුසුදුසු මට්ටමේ මගී දුම්රිය මැදිරි ගෙන්වීම තුළින් එම ව්‍යපෘතියේ කිසිඳු අරමුණක් ඉටු වී නොමැති බව විගණන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන්.

මෙම මගී දුම්රිය මැදිරි ගෙන්වීම සදහා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා විසින් ඇස්තමේන්තු කර ඇති මුදල ඇමරිකාණු ඩොලර් මිලියන 0.3ක්.

කෙසේ වෙතත් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද මැදිරි සදහා වරාය, රේගු, රක්ෂණ සහ ප්‍රවාහන ගාස්තු ද එකතු කළ විට වැය වී ඇති මුළු මුදල ඇමරිකාණු ඩොලර් මිලියන 0.558ක් බව ද විගණන් වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.

මෙරටට ගෙන්වන ලද මගී දුම්රිය මැරිදි 120න් ධාවන තත්ත්වයේ තිබේ ද යන්න පරීක්ෂා කර ඇත්තේ 10ක් පමණක් බව අනාවරණය වී තිබෙනවා.

මගී දුම්රිය මැදිරි පරීක්ෂාවකින් තොරව මුදාහැර ඇති අතර, එම මගී දුම්රිය මැදිරිවල දිග, පළල සහ උස ප්‍රමිතියට වඩා වැඩි බව විගණන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම මෙරට ධාවනය කරන දුම්රිය මැදිරිවල වක්‍ර අරය මීටර් 150ක් වුව ද,ගෙන්වා ඇති මැදිරි වල වක්‍ර අරය මීටර් 90ක්.

මෙම තත්ත්වය අනුව යම් ආකාරයකින් මෙම දුම්රිය මැදිරි මගී ප්‍රවාහනය සදහා යොදා ගතහොත් පීලි පැනීමකට හෝ වෙනත් අනතුරු වලට ලක් විය හැකි බව ද අදාළ නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.

එවන් තත්ත්වයට පිළියමක් ලෙස දුම්රිය වේග සීමා පැනවිය හැකි නමුත්, එම තත්ත්වය සෙසු දුම්රිය ධාවනයට බාධාවක් වන බවයි විගණන් නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

මේ ආකාරයට විශාල දෝෂ ප්‍රමාණයක් සහිත දුම්රිය මගී මැදිරි මෙරටට ගෙන්වීම තුළින් සිදුවී ඇති අලාභය අති විශාල බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58