පුතා තම පියාට පොල්ලකින් පහර දී ඝාතනය කිරිමේ පුවතක් බදුල්ල පොලිස් වසමේ වේවැස්වත්ත ප්රදේශයෙන් වාර්තා වනවා.
මෙම ඝාතනය වයස අවුරුදු 34ක් වූ මරණකරුගේ පුතා සිදු කර ඇති අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන කතා කිරීමට නොහැකි පුද්ගලයෙකි.මරණකරු වයස අවුරුදු 60ක් වන වේවැස්වත්ත, බදුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු පොල්ලක් රැගෙන පහර දීමට පැමිණි අවස්ථාවේ පියා නිවස තුළට ගොස් දොර වසා ගෙන ඇති අතර සැකකරු දොර කඩා ගෙන ඇතුළු වී පියාට පහර දී තිබේ. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර අද (27) දින මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













