වටවල ෆයිනස් වගා රක්ෂිතයේ ගින්නක්

වටවල ෆයිනස් වගා රක්ෂිතයේ (26) දින දහවල් ගින්නක් හටගෙන ඇති බව වටවල පොලිසිය පැවසිය. වටවල දමිල මහා විද්‍යාලයට ඉහලින් පිහිටි අක්කර පහකින් පමණ වු වන වගා රක්ෂිතයක මෙම ගින්න හටගෙන ඇත.

දමිල මහා විද්‍යාලයට ඉහලින් කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබා ඇති අතර , ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග ගින්න ෆයිනස් වගා රක්ෂිතයට පැතිර ගොස් ඇත.

ෆයිනස් වගා රක්ෂිතයේ ගින්න හටගැනිම නිසා වටවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සහ එම ජල මුලාශ සම්බන්ධ කරගනිමින් එලා තිබු ජල නල රැසක්ද ගින්නෙන් විනාශ වි ඇත.

මෙවැනි රක්ෂිත වලට ගිනි තබන අය පිලිබදව තොරතුරු වෙතොත් තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?