ඕල්ටන් වතුයායේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී එම දෙදෙනා ගොම වතුරවලින් නැහැව්වේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු කම්කරුවන් 08 දෙනෙකු සැකපිට (18 වැනිදා) දින අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවැසීයඑම වතුයායේ වතු අධිකාරිවරයාගේ නිල නිවස වෙත පෙරේදා (17 වැනිදා) දින ගිය සැකකරුවන් ඇතුළු තවත් පිරිසක් නිල නිවසට පහර දී අලාභහානි සිදු කර වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන් බවට ලද පැමිණිල්ලක් මත වතු කම්කරු කාන්තාවන් 07 දෙනෙකු සහ වතු කම්කරුවෙකු මස්කෙළිය පොලිසිය විසින් ඊයේ (18 වැනිදා) දින අත්අඩංගුවට ගෙන ඇත.
වතු කම්කරුවන් පහර දුන්නේ යැයි කියන වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. එම වතුයායේ වතු කම්කරුවන් රුපියල් දහසක වැටුප ලබාදෙන ලෙස වතු පාලන අධිකාරියට බලපෑම් කරමින් ඉකුත් 03 දින සිට වැඩ වර්ජනයක නිරතව සිටින අතර, ඉකුත් 03 දින එම වතු යායේ නෙළන ලද අමු තේ දළු කර්මාන්ත ශාලාවේ ඇඹරීමට එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය මගින් එම වතු යායේ වතු කම්කරුවන් කිහිප දෙනෙකුට එරෙහිව මස්කෙලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.
මෙම වතු පාලන අධිකාරියත් වතු කම්කරුවන් අතර ඇති වී තිබෙන පරිපාලනමය ගැටලු කිහිපයක් හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දින ගණනාවක සිට වැඩ වර්ජනය කිරීම හේතුවෙන් වතු සමාගමට මෙන්ම වතු කම්කරුවන්ටද ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදි වී ඇත. මේ අතර එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා ස්ථාන මාරු සිදු කරන තෙක් තම වැඩ වර්ජනය සිදුකරන බව පවසමින් ඕල්ටන් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු සමාගමට බලපෑම් කරමින් (18 වැනිදා) දින එම වතුයායේ ක්‍රීඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන ලදි.




