වතු අධිකාරි හා සහකාර අධිකාරි ගොම වතුරෙන් නහවලා

ඕල්ටන් වතුයායේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී එම දෙදෙනා ගොම වතුරවලින් නැහැව්වේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු කම්කරුවන් 08 දෙනෙකු සැකපිට (18 වැනිදා) දින අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවැසීයඑම වතුයායේ වතු අධිකාරිවරයාගේ නිල නිවස වෙත පෙරේදා (17 වැනිදා) දින ගිය සැකකරුවන් ඇතුළු තවත් පිරිසක් නිල නිවසට පහර දී අලාභහානි සිදු කර වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන් බවට ලද පැමිණිල්ලක් මත වතු කම්කරු කාන්තාවන් 07 දෙනෙකු සහ වතු කම්කරුවෙකු මස්කෙළිය පොලිසිය විසින් ඊයේ (18 වැනිදා) දින අත්අඩංගුවට ගෙන ඇත.

වතු කම්කරුවන් පහර දුන්නේ යැයි කියන වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. එම වතුයායේ වතු කම්කරුවන් රුපියල් දහසක වැටුප ලබාදෙන ලෙස වතු පාලන අධිකාරියට බලපෑම් කරමින් ඉකුත් 03 දින සිට වැඩ වර්ජනයක නිරතව සිටින අතර, ඉකුත් 03 දින එම වතු යායේ නෙළන ලද අමු තේ දළු කර්මාන්ත ශාලාවේ ඇඹරීමට එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය මගින් එම වතු යායේ වතු කම්කරුවන් කිහිප දෙනෙකුට එරෙහිව මස්කෙලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

මෙම වතු පාලන අධිකාරියත් වතු කම්කරුවන් අතර ඇති වී තිබෙන පරිපාලනමය ගැටලු කිහිපයක් හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දින ගණනාවක සිට වැඩ වර්ජනය කිරීම හේතුවෙන් වතු සමාගමට මෙන්ම වතු කම්කරුවන්ටද ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදි වී ඇත. මේ අතර එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා ස්ථාන මාරු සිදු කරන තෙක් තම වැඩ වර්ජනය සිදුකරන බව පවසමින් ඕල්ටන් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු සමාගමට බලපෑම් කරමින් (18 වැනිදා) දින එම වතුයායේ ක්‍රීඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09