ගිණුම්වලින් සල්ලි අදින ජාවාරමක්

මුහුණුපොතේ සහ වෙබ් අඩවිවල පළ කර ඇති වෙළෙඳ දැන්වීම් ඔස්සේ එම දැන්වීම් පළ කර ඇති පුද්ගලයන් රැවටීමකට ලක් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ.

එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (16) මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මහනුවර, තලාතුඔය සහ මැදවච්චියේ පදිංචිකරුවන්ය.

වෘත්තියෙන්ම වංචාකරුවන් වන ඔවුන් අවුරුදු 25ත් 30ත් අතර පසු වන්නන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“මේ අය කරන්නේ ෆේස් බුක්වල හරි වෙබ් අඩවිවල හරි පළ කරල තියෙන දැන්වීම් බලල ඒ දැන්වීම්වල සඳහන් දුරකතන අංකවලට ඇමතුම් දෙනවා. ඒ සඳහා භාවිත කරන්නේ එයාලගේ නමින් තියෙන සිම්පත් නෙමෙයි. වෙන අයගේ ඒවායින්. මෙයාල මුලින්ම කරන්නේ ඒ දැන්වීමේ තියෙන භාණ්ඩ වර්ගය කාටවත් විකුණන්න එපා, මම ගන්නවා කියල පිංසේණ්ඩු වෙන එකයි. සල්ලි ටිකක් මට මදි. ගනුදෙනුව ස්ථීර වෙන්න මම කීයක් හරි දාන්නම් මට සතියක් දෙන්න. යනුවෙන්ද එහිදී ඔවුන් පවසනවා. දැන්වීම්කරුට අනුකම්පාවක් ඇති වෙන විදිහටත් විශ්වාසයක් ගොඩ නැඟෙන ආකාරයටත් තමයි මේ අය කථා කරන්නේ. අන්තිමට දැන්වීම්කරු මේ අයට භාණ්ඩය අලෙවි කිරීමට කැමැත්ත පළ කළායින් පස්සේ බැංකු ගිණුම් අංකයක් ඉල්ලගෙන ඔන් ලයින් ට්‍රාන්සර් එකක් කරනවා පොඩි ගාණක්. ඒක දාල ඉවරවෙලා මේ අය නැවත දැන්වීම්කරුට කථා කරල කියනවා මම සල්ලි ටිකක් දැම්මා හම්බ වුණාද කියල බලන්න කියල. ඒකට පිළිතුරු ලැබෙන විට ඒත් එක්කම මේ අය කියනවා තරහා නැතිව පුළුවන් නම් කෝඩ් අංකයක් ඇවිල්ල ඇති ඒක පොඩ්ඩක් කියන්න කියල. මේ අංකය මොකක්ද කියල අවබෝධයක් නැති අය ඒක දෙනවා. දුන්නම වෙන්නේ මේ අය ඒ අංකය ඔස්සේ ඔවුන් මුදල් තැන්පත් කළ දැන්වීම්කරුගේ ගිණුමට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වෙලා මුදල් වෙන බැංකු ගිණුමකට බැර කර ගන්න එකයි.“ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ වංචාව වන ආකාරය පැහැදිලි කරන්නේ මෙසේය.

එම නිලධාරියා පවසන්නේ කිසිවිටකත් තමාට බැංකුවෙන් ලැබෙන එම මුරපද අංකය හෙවත් OTP අංකය පිටස්තර කිසිවකුත් අතට පත් නොකරන ලෙසය. මෙවැනි වංචාවලින් සිය ගාණක් රැවටී ඇති බවත් ඇතැම් පිරිස් මේ නිසා අසරණ වී ඇති බවත් එම නිලධාරියා කීය.

මහනුවරින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නන් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44