කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහාය ගන්නා බව ජනපති පවසයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනපති පවසයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඊයේ (16) පැවති ඇමරිකා එක්සත් ජනපදය – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභා වැඩසටහනේ 70 වැනි සංවත්සරය අමතමිනි.

ආහාර සපයාගැනීමට අවශ්‍යකරන සම්පත් නොමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග රටවලට ආහාර සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, තේ පර්යේෂණ ආයතනය (TRI) සමඟ ඒකාබද්ධ කර ශ්‍රී ලංකාවේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමට ඇමරිකානු ආයතන කිහිපයක සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේදී මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක වැනි ෆුල්බ්‍රයිට් ආදි ශිෂ්‍යයන් අවශ්‍ය වනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරි වසර දහය තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම දැවැන්ත ව්‍යාපෘතියේදී ගුරුවරුන් සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සම්පත් දායකයින් මෙරට ගෙන්වා ගැනීම ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව සහ ආධාර මගින් සිදු කෙරෙන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
විශේෂයෙන්ම ෆුල්බ්‍රයිට් කොමිසම ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් සහ ඇමරිකාවෙන් විවිධ ක්ෂේත්‍රවල දැනුම සහ වෘත්තීය නිපුණතාව ලද ශිෂ්‍යත්වලාභීන් 3000 ක් පමණ සිටිනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශාල බලපෑමක් ඇති කර තිබෙනවා වගේම ඔවුන් අපේ සමාජය පෝෂණය කර තිබෙනවා.

දෙරටේ මෙම විධිමත් අධ්‍යාපන හුවමාරුවට වසර 70 ක් සපිරෙනවා. එය පළමුවෙන්ම සිදුවුණේ ඇමරිකානු මිෂනාරිවරුන් යාපනයට පැමිණීමත් සමගයි. දෙවනුව කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණි අවස්ථාවයි. 20 වැනි සියවසේ මීළඟ අවස්ථාව වූයේ ජනාධිපති වුඩ්‍රෝ විල්සන් (Woodrow Wilson) විසින් යටත් විජිත රාජ්‍යයන්ට නිදහස සහතික කළ කරුණු 14 ප්‍රකාශයට පත් කිරීම යි.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා අධ්‍යාපනය සහ සංස්කෘතිය මත පමණක් නොව ආර්ථික ආධාර, දෙරට සමාන ස්ථාවරයන් දැරූ දේශපාලන ප්‍රශ්න, විද්‍යාව, තාක්ෂණය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ විහිද තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්ෂ සන්දර්ශි ගුණවර්ධන යන මහත්මිහු ද මෙහිදී අදහස් දැක්වූහ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදිත් ජයසිංහ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42