හෙරොයින් සමඟ හිමිනමක් අත්අඩංගුවට

පසුගිය 15 වෙනිදා හෙරොයින් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ හිමිනමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හිමිනම සතුව හෙරොයින් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය සිදුකල සෝදිසියකදී 38 හැවිරිදි හිමිනම සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 40ක් සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

සැකකාර හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.