කන්දකාඩු ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද ලැබීමට නියමිතයි.
වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් හට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස රජය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයාට දැනුම් දී තිබුණා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමටයි කටයුතු කෙරුණේ. එම කමිටුව අදාල වාර්තාව අද දිනයේදී ලබාදීමට නියමිතයි.
කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හටගත් ගැටුමෙන් පසු රැදවූවන් පිරිසක් පළා ගිය අතර දෙසිය දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
තාවකාලිකව සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ රැදවූවන් දෙසිය දහ අටදෙනෙකු යළිත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.













