දේශගුණික විපර්යාසයන් පිලිබඳ COP27 සමුළුව අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පෙරවරුවේ දිවයිනට පැමිනියා.
ඊජිප්තුවේ පැවැති මෙම සමුළුව අතරතුරදී රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනි ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ද හමුවී ඇති අතර එහිදී මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහාය ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම අවස්ථාවට ගානාවේ මුදල් අමාත්‍යවරයා සහ මාලදිවයිනේ කතානායකවරයා ද එක්ව තිබෙනවා.













