නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ කෘෂිරසායන තොගයක් නොරොච්චෝලේ ආලන්කුඩාව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනබව වාර්තා වෙනවා.
තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම රසායන ද්‍රව්‍ය තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි සොයාගෙන ඇත්තේ.
පොලීසිය සඳහන් කලේ කිලෝග්‍රෑම් 1170ක් බරැති මෙම රසායන ද්‍රව්‍ය තොගයෙහි පොහොර වර්ග කෘෂිනාශක සහ වල් නාශක ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වී ඇති බව යි.













