ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරට පත්ව මුදා ගන්නා ලද යාත්‍රාවේ සිටි 303 අතර ශ්‍රී ලාංකිකයන් සිටින නමුත් ඒ සියලුදෙනා ශ්‍රී ලාංකිකයන්ද යන්න තහවුරු වී නැතැයි විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.
මුදා ගත් පිරිස මේ වන විට වියට්නාමයට රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් තානාපති අංශ දැනුම්වත් කර තිබෙන බවද ඔවුන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පැවසීය.
යාත්‍රාවේ වූ අනතුර සම්බන්ධයෙන් එම යාත්‍රාවේ ගමන් කළ ශ්‍රී ලාංකිකයකු විසින් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම්වත් කර තිබෙන බවද අලි සබ්රි මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා දැනුම්වත් කර තිබෙන අතර ඒ අනුව ඔහුගේ උපදෙස් මත වියට්නාමයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා අදාළ සංක්‍රමණිකයන් සිටින ස්ථානය වෙත ළඟා වී තිබෙන බව පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය මොවුන් වියට්නාමය දක්වා රැගෙන ගිය නෞකාවෙන් ඉවතට පැමිණීමට අකමැත්තක් දක්වන බවද මේ පිරිස කැනඩාවට යෑමේ අරමුණින් ගමන් කර තිබෙන බවද කියා සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මේ සම්බන්ධයෙන් සමුද්‍රීය ගලවා ගැනීමේ මධ්‍යස්ථානය හරහා සිංගප්පූරුව, පිලිපීනය හා වියට්නාමය යන රටවලට දැනුම්දී තිබෙන අතර ඒ වන විට යාත්‍රාව වියට්නාම භූමියෙන් නාවික සැතපුම් 258ක් දුරින් යාත්‍රා කරමින් පැවති බවද වාර්තා වෙයි.
ඉන්පසුව වියට්නාමය මඟින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමඟ සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගෙන ඒ අසලින් යාත්‍රා කරමින් පැවති ජපානයට අයත් හිලියෝස් ලීඩර් නම් නෞකාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව විපතට පත් පිරිස මුදා ගෙන ඇතැයි වාර්තා වෙයි.














RATA WATEMA NAVY COAS GUARD SHIPS. GIYA SATHIYETH USA IWATHA DAPU NEWATH MEHEN KOTI GANAK WIYADAM KARALA MASA 2 THISSE MEHETA AWA. KIYANNE ARAWA THIYENAWA MEWA THIYENAWA KIYALA. EYITH THMA BERI UNA MUDEN PENALA YANA EKA NAWATHTHANNA. AUSTRALIA,CANADA,EU,UK WALATA YAWANNE DEMALA KOTI WISIN. ITALY,JAPAN YAWANNE SINHALA KOTI WISIN.