උහන පොලිස් වසමේ මහකණ්ඩිය ප්‍රදේශයේදී කුඩා දරුවෙකු ජලය සහිත වලකට වැටීමෙන් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ නිවස ආසන්නයේ වැසිකිළිවලක් සඳහා කපා තිබූ ජලය පිරී වළකට වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
අවුරුදු 01යි මාස 02 වයසැති එම දරුවා ගොඩට ගෙන රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.
සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන උහන පොලීසිය විසින් සිදුකරනු ලබයි.













