නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු සහ තේනුක විදානගමගේ යන මන්ත්‍රීවරුන්ට ආයතන හා කාර්යයයන් පවරමින් අති විශේෂ ගැසට් නිවෙදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, (පොදු පහසුකම් මණ්ඩලය) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ඕෂන්වීම් ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය යන ආයතන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාටත් සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්,හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව,රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන ආයතන රජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට පවරාදී ඇත.













