විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා කාලය තුල සියලු ඉන්ධන මිලදීගැනීම් පිලිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ඊයේ(08) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.
එම අදාල කාලය තුලදී ටෙන්ඩර් පටිපාටියට අනුකුලව සහ ඉන් බැහැරව සිදුකල සියලු මිලදීගැනීම් පිලිබඳ සියලු තොරතුරු මෙම වාර්තාවට ඇතුලත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් විසින් වරින් වර මේ සම්බන්ධව විමසීම් කල බවත් එබැවින් ඔවුන්ගේ සහ ජාතික සභාවේ අවධානය සඳහා මෙම වාර්තාව ඉදිරිපත් කරන බවත්ය.
තවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. “ඉන්ධන ආනයනය කිරීමට අදාළ තොරතුරු පිළිබඳව දිගින් දිගටම විවිධ විමසීම් කළා. පසුගිය කාලයේ ඉන්ධන ආනයනය කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන් තොරතුරු ඉල්ලුවා. මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මාසයේ පළමුවැනිදා දක්වා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් ප්‍රමාණය, ටෙන්ඩර්වලින් බැහැරව ඉදිරිපත් වූ ප්‍රමාණය, භාරගත්ත ප්‍රමාණය ආදිය ඇතුළත් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සහ ජාතික සභාවේ අවධානය සඳහාත් මෙය යොමු කරන්නට ඉල්ලා සිටිනවා.”













