ශ්‍රී ලංකාව මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඇත්තේ ණය ගෙවාගත නොහැකි රටක් ලෙස බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එනිසා මෙවර ඉන් ඉල්ලා ඇති මූල්‍ය සහාය ලබාගැනීම පමාවන බවද සඳහන් කරයි.
මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාව එහි සහාය ලබා ගත්තේ ණය ගෙවිය හැකි රටක් ලෙස බැවින් එම අවස්ථා වලදී කඩිනම් සහාය ලබා දුන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර අප ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ආකාරය ගැනද සඳහන් කළ යුතු බවද පැවසීය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සඳහා හෝ රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පහසුකම් සඳහා හෝ මුදල් අයකළ යුතු බවට කිසිදු යෝජනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකර නොමැති බව ඔහු වැඩිදුරටත් පවසනවා













