මහනුවර ත්‍රිත්ව විදුහලේ ප්‍රථමික අංශයේ සිසු පිරිසක් විද්යාලී ක්‍රිඩාංගණයේ පාපන්දු පුහුණු වීම් වල නිරත වන අතරතුර එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලත් සිසුන් 20 දෙනෙකු ඇතුළු 24 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලිසිය පවසයි
මෙම බඹර ප්‍රහාරය අද (08) පස්වරු 01.15 ට පමණ එල්ල වී තිබෙන අතර තුවාල ලත් සිසුන් ඇතුළු පිරිස ගිලන් රථ හා පෞද්ගලික වාහන වලින් රෝහලට රැගෙන ගොස් තිබේ.
විද්‍යාලීය ප්‍රථමික අංශයේ ක්‍රිඩාංගණය අසළ පිහිටි විශාල ගසක බැඳ තිබූ බඹර කූඩුවකට රිලා රංචුවක් සිදු කළ පහර දීමකින් බඹරුන් ඇවිස්සී තිබෙන බව දැන ගන්නට තිබේ. බඹර ප්‍රහාරයට ලක්වූ තවත් සිසු පිරිසක් රෝහල් ගත නොකර දෙමව්පියන් විසින් පෞද්ගලික වෛදවරුන් ගෙන් ප්‍රතිකාර ලබා දීමට රැගෙන ගොස් ඇත.
බඹරප්රහාරයට ලක්වූ සිසුන් හා වැඩිහිටි පුද්ගලයින් සිව් දෙනා අතරින් කිසිවෙකුත් අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය .













