මේදිනවල ඇතැම් සමාජමාධ්‍ය ජාලා සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන්ට එරෙහිව ප්‍රවීන මාධ්‍යවේදී රංගනද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.
සිය බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා නිශාන්ති දිල්රුක්ෂි මහත්මිය සමග පැමිණි රංගන ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.













