ශ්‍රී ලාංකිකයින් 300 රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේ දී මුදාගැනේ

ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී ජපාන නෞකාවක් විසින් මුදාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම පිරිස රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම්වත්කර ඇති බව සඳහන්.

පසුව මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දීමෙන් අනතුරුව වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබුණා.

අනතුරුව, අනතුරටපත් ශ්‍රී ලාංකික පිරිස ගමන්ගත් යාත්‍රාව අසලින් යාත්‍රා කරමින් තිබූ ජපානයට අයත් ‘හිලියෝස් ලීඩර්’ නම් නෞකාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඔවුන් සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව මෙම පිරිස මුදාගෙන තිබෙනවා.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි සඳහන් කළේ මෙම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා අරඹා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14