කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව ෙරු. එක් ලක්ෂ පනස් දාහක් අරන්

මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතිකයෙකුගෙන් කොළඹ නගරය සංචාරය කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව ලෙස රුපියල් එක් ලක්ෂ පනස් දාහක මුදලක් ලබා ගත්තැයි කියන සිද්ධියකට අදාළව වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් සංචාරක මගපෙන්වන්නකු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01) එක නියෝග කළා.

නවසීලන්ත ජාතිකයකු විසින් ඉකුත් 2020 වසරේ පෙබරවාරි මස 11 වැනිදා මෙම සිද්ධියට අදාළව පොලිස් සංචාරක කොට්ඨාසයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මෙම සංචාරක මග පෙන්වන්නා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුන අතර ඔහු දෙල්ගොඩ පදිංචි කහුපිටියගේ තිළිණ මධුසංඛ නැමැති සංචාරක සංචාරක මග පෙන්වන්නෙක්.

පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයා නෞකාවෙන් මෙරටට පැමිණ කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා සැකකාර මග පෙන්වන්නා සමග ත්‍රීරෝද රථයකින් මිල ගණන් විමසා ඇති බවත් එහිදී අදාළ ත්‍රීරෝද රථ රියදුරු කොළඹ නගරය පෙන්වීම සඳහා ඩොලර් 20 ක මුදලක් ඉල්ලා ඇති අතර මෙහිදී ඩොලරය රුපියල් 4500 ක් වන බවට සඳහන් කර ඇති ත්‍රී රෝද රථ රියදුරු එම මුදල රුපියල් වලින් ලබා දෙන ලෙසට පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයාට පවසා ඇති බවත්, පසුව පැමිණිලිකරු ඒටීඑම් කාඩ් පතක් උපයෝගි කර ගනිමින් අදාල මුදල ලබා දී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ සැකකාර ත්‍රිරෝද රථ රියදුරා ද අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44