දින කිහිපයක් පුරාවරට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් යාපනය නගරයටද මේ දිනවල ගංවතුර තත්වයක් ඇතිවීම හේතුවෙන් දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇත.
යාපනය බස්නැවතුම්පල ඇතුලු නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් වෙළඳසැල් හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාවද පීඩාවට පත්වූහ.
කෙසේ වෙතත් යාපනය නගරයේ මාර්ග ඇතුලු වෙළඳසැල් ජලයෙන් යටවීම පිළිබඳව අදහස් දක්වන වෙළඳසැල් හිමියන් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ වන විට යාපනය නගරයේ ජලනල පද්දතිය විධිමත්ව නොතිබීම හේතුවෙන් සුලු වර්ෂාවකටද ගංවතුර තත්වයක් ඇති වන බවයි.
යාපනය මහනගර සභාව විසින් නගරයේ ජලනල පද්දතිය විධිමත්ව සකසන්නේනම් මෙලෙස ගංවතුර තත්වයක් ඇති නොවන බවටත් ඉදිරියේදී වර්ෂාව වැඩිවන බැවින් වහාම මහනගරසභාව කඩනම් පියවරක් ගත යුතු බවට යාපනයේ වෙළඳසැල් හිමියන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
















