මෝටර් රථ දෙකක් ගැටී ගාලු පාර අවහිර වෙයි

වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ දී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම අනතුරෙන් එක් මෝටර් රථයක රියදුරෙක් සහ අනෙක් මෝටර් රථයේ ඉදිරිපස ගමන්ගත් වෛද්‍යවරයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.

අනතුරත් සමග ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ අතර වාද්දුව පොලිසියේ රථවාහන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය යථා තත්ත්වයට පත්කෙරුණා.

තුවාලකරුවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ,වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46