මොරටුව වෙළඳසැලක සේවකයෙකු විසින් එම වෙළඳ සැලේ මුදල් රුපියල් ලක්ෂ 21 ට අධික මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී සේවකයා පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදුකිරිම මුදල් කොල්ලකා ඇති බවට මොරටුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොල්ලකෑම සඳහා භාවිතා කළ කුලී පදනම මත ලබා ගත් වෑන් රථය , ඔවුන් භාවිතා කළ යතුරු පැදියක් , ත්රිරෝද රථයක් සහ තියුණු ආයුධයක් සමඟ ඊයේ 22 වන දින රත්මලාන ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 වයස්වල පසුවන රත්මලාන හා ගල්කිස්ස ප්රදේශවල පදිංචිකරුවන් වේ .
සැකකරුවන් මොරටුව ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .













