මාධ්‍යවේදියෙකුට පහර දුන් පුද්ගලයෙකු රිමාන්ඩ්

මාධ්‍යවේදියෙකුට අතින් පයින් පහර දී තුවාල සිදු කළේ යැයි පැවසෙන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් නොවැම්බර් මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ මහතා අද (21) නියෝග කළේය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පිළියන්දල වෑවල ප්‍රදේශයේ පදිංචි දිද්දෙණියගේ දහම් වීරක්කොඩි නමැති පුද්ගලයෙකි.

පහරකෑමට ලක්ව ඇත්තේ මාධ්‍යවේදී ජානක ගෝමස් මහතාය.

රත්මලාන ගාලු පාර ප්‍රදේශයේ දී සිය යතුරු පැදියට නැග පිටත් වන අවස්ථාවේදී සැකකරු විසින් තම සේවාදායකයා ගේ මාර්ගය හරස් කර මුහුණට අතින් පහර දී ඇති බවත් තම සේවාදායකයා මාධ්‍යවේදියෙකු හෙයින් මෙම පහරදීම පිටුපස යම් දේශපාලඥයෙකු සිටින්නේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කල යුතු බවටත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වරුණ ජයසිංහ, අජිත් නන්ද කුමාර,ගීත්ම ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කළහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22