මාධ්‍යවේදියෙකුට අතින් පයින් පහර දී තුවාල සිදු කළේ යැයි පැවසෙන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් නොවැම්බර් මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම්. විජේසිංහ මහතා අද (21) නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පිළියන්දල වෑවල ප්‍රදේශයේ පදිංචි දිද්දෙණියගේ දහම් වීරක්කොඩි නමැති පුද්ගලයෙකි.
පහරකෑමට ලක්ව ඇත්තේ මාධ්‍යවේදී ජානක ගෝමස් මහතාය.
රත්මලාන ගාලු පාර ප්‍රදේශයේ දී සිය යතුරු පැදියට නැග පිටත් වන අවස්ථාවේදී සැකකරු විසින් තම සේවාදායකයා ගේ මාර්ගය හරස් කර මුහුණට අතින් පහර දී ඇති බවත් තම සේවාදායකයා මාධ්‍යවේදියෙකු හෙයින් මෙම පහරදීම පිටුපස යම් දේශපාලඥයෙකු සිටින්නේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කල යුතු බවටත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වරුණ ජයසිංහ, අජිත් නන්ද කුමාර,ගීත්ම ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කළහ.













