රටපුරා තිළිණිලාගේ සෙවණැලි පතිත වෙයි, තවත් මුදල් වංචාවක් කළ අයෙකු හසුවෙයි

රුපියල් කෝටි 70කට අධික මුදලක් චංචා කළ කහතුඩුව පාලගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පොලීසිය විසින් ඊයේ පස්වරුවේ 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර මොහු ඉහළ පොළියක් ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගන ඇත.

පාලගම පිහිටි සුවිසල් නිවසකට පිරිසක් පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බවට කහතුඩුව පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙලෙස මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාට මුදල් ලබාදුන් බව පවසමින් බොහෝ පිරිසකගෙන් මේ වනවිටත් කහතුඩුව පොලීසියට පැමිණිලි ලැබෙමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකරු අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්