ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනුම්දීමක්

කැළණි ගඟේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල, දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ යන ප්‍රදේශවල පහත් බිම්හි ඉදිරි පැය 3ත් 48ත් අතර සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (14) රාත්‍රී 8.00 නිකුත් කළ නිවේදනයෙන් දන්වයි.

මේ අතර අත්තනගලු ඔයේ ජල මම්ටම ඉහළයාම හේතුවෙන් මීරිගම, දිවුලපිටිය, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ සහ කටාන යන ප්‍රදේශවල පහත්බිම්වලට ද අනතුරු අඟවා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්