ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් කොළඹ වරාය තුල භාණ්ඩ කන්ටේනර් ගොඩ ගැසී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් විවිධ භාණ්ඩ කන්ටේනර් 950ක් ප්‍රමාද ගාස්තුවලින් තොරව ඉදිරියේදී මුදා හැරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර තිබේ.
රේගුවේ නිලධාරින් සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත
රේගුව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන තිබු සහල් කිලෝ ග්‍රෑම් මිලියනයක් මුදා හැරීමටද පියවර ගැනෙ තිබේ













