ජනපති රනිල්ගේ ප්‍රකාශයට සජබ මහ ලේකම්ගෙන් පිළිතුරු

ජනාධිපති වරයා විසින් අද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කළ යුතු බවයි.

එම ප්‍රකාශය පිළිබඳව අද සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එම පක්ෂයේ මහ ලේකම් විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණා.

එම නිවේදනය මගින් සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉහත ප්‍රකාශය සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි පළාත් පාලන මැතිවරණයකදී පැහැදිලි පරාජයක් අත් වීමට නියමිත නිසාවෙන් බවයි.

වැඩිදුරටත් එම ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමේ බලය ජනාධිපතිවරයා යටතට ගැනීමටද මේ වන විත උත්සාහයක නිරත වන බවයි.

තවද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ පටු අරමුණු සාධනය කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණයක් හෝ ඕනෑම මැතිවරණයක් කල් දැමීමට ක්‍රියා කරන්නේ නම් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියා ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවයි.

සමගි ජන බලවේගය මගින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය පහතින්

මාධ් ය නිවේදනය මහලේකම් 2022.10.10 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46