ශ්‍රී ලංකාව සහ ජපානය තවත් ගිවිසුමකට අත්සන් තබයි

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරත වූහ.ජපානය, ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් පිහිටුවා ගන්නා ලද කියතෝ සංවිධානයෙහි දෙවන ධුර කාලයෙන් (2013 – 2020) ඉවත්වීමෙන් පසුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායකවීම උදෙසා 2013 වසරේ දී ද්විපාර්ශ්වික ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලදී.

මෙම යාන්ත්‍රණය සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සමග ඒකාබද්ධව හරිතාගාර වායු විමෝචනය අවම කරමින් එම අවම කරන ලද ප්‍රමාණය සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ජපානය අතර බෙදී යන පරිදි සකස් කර ඇති යාන්ත්‍රණයකි.

ජපානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබද රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වන සමුළුවේදී ඇතිකරගත් පැරිස් ගිවිසුමෙන් එකඟ වූ ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව සඳහා අනුගත වීම උදෙසාය.

දැනට මෙම වැඩසටහන මොන්ගෝලියාව, බංගලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, මාලදිවයින, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, කොස්ටරිකා, පලාවු, කාම්බෝජියාව, මෙක්සිකෝව, සවුදි අරාබිය, චිලී, මියන්මාරය, තායිලන්තය හා පිලිපීනය යන රටවල් 17 ක්‍රියාත්මක කරනු ලබයි.

කාබන් විමෝචනය අවම වූ උසස් තාක්ෂණය භාවිතා කර හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එමගින් අඩු කරනු ලබන කාබන් විමෝචන ඒකක (Carbon Credit Sharing) දෙරට අතර බෙදී යන ලෙස මෙම යාන්ත්‍රණය සකස් කර ඇත.මෙම යාන්ත්‍රණය (JCM) මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජය හෝ එහි පුද්ගලික අංශය තාක්ෂණික දායකත්වය සපයන අතර ඒ සඳහා වැය වන මූලික වියදමෙන් කොටසක් ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරේ.

එමෙන්ම මෙම යාන්ත්‍රණය යටතේ බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය හා කෘෂිකර්මය යන ක්ෂේත්‍ර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය.

එම නිසා, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ක්‍රියාත්මක කිරීම යටතේ කාබන් විමෝචනය අඩු කළ හැකි ප්‍රමුඛතම තාක්ෂණික සහ නව නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වාදීම ද එම ව්‍යාපෘතිවල ඉදිකිරීම්, යන්ත්‍ර සුත්‍ර හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගත හැකි වීම ද ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

ශ්‍රී ලංකාව 2016 සැප්තැම්බර් මස 21 දින දේශගුණික විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමට අනුගත වන ලදී. මෙම ගිවිසුමට අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සදහා ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන් බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය, කෘෂිකර්මය හා වනාන්තර යන ක්ෂේත්‍රන්ට අදාළව 2021 ජුලි මස 30 වැනි දින ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තුළින් පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බැඳී ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට ද දායක වනු ඇත.

ජපානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කාබන් හරකිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

තවද, මෙම යාන්ත්‍රණය (JCM), ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ ව්‍යාපෘති අනුමත කිරීම සඳහා දෙපාර්ශ්වයෙන්ම සමන්විත ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කරනු ලබන අතර එහි සම සභාපතිත්වය ශ්‍රී ලංකා රජය හා ජපන් රජය නියෝජනය කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගෙන් සුවිශේෂී අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46