මාර්ග කිහිපයක් සති අන්තයේ වසයි

47 වන ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වෙන හෙට සහ අනිද්දා (09) යන දෙදින ගම්පහ නගර ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

01) හෙට දහවල් 2.00 සිට අනිද්දා සවස 6.00 දක්වා ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ ‍Y හංදිය ( ගම්පහ නගරයට ඇති පරණ පාර සහ අලුත් පාර හමුවන ස්ථානය ) සිට ජා ඇල වට රවුම දක්වා ගම්පහ දෙසට දිවෙන මාර්ගයේ මංතීරු දෙක සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබේ.

  • මිනුවන්ගොඩ සිට ගම්පහ නගරයට ඇතුළු වීමට විකල්ප මාර්ග ලෙස පරණ මිනුවන්ගොඩ මාර්ගය භාවිතා කළ හැකිය.

02) හෙට සහ අනිද්දා දිනයන්හි දී ජා ඇල වට රවුමේ සිට මිනුවන්ගොඩ මාර්ගයේ ‍Y හංදිය දක්වා වූ ගම්පහ නගරයට ඇතුළු වන හා නගරයෙන් පිටවන මාර්ගය අලුයම 5.00 සිට 6.00 දක්වා, උදෑසන 8.00 සිට 10.00 දක්වා, දහවල් 1.00 සිට 3.00 දක්වා සවස 4.00 සිට 6.00 දක්වා කලය තුළ මංතීරු හතරම සම්පූර්ණයෙන් වසා දැමෙනු ලැබේ.

  • ගම්පහ නගරයෙන් පිටවන සහ නගරයට ඇතුළු වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පරණ මිනුවන්ගොඩ මාර්ගය භාවිත කළ හැකිය.

03) හෙට දින සවස 4.00 සිට 6.00 දක්වා ගම්පහ ජා ඇල වට රවුමේ සිට කිරිදිවිට හංදිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ලැබේ.

  • විකල්ප මාර්ග ලෙස ජා ඇල දෙස සිට ගම්පහ දෙසට පැමිණෙන වාහන කිරිදිවිට හංදියෙන් උඩුගම්පල දෙසට යොමු කර අස්ගිරිය වල්පොල හංදියෙන් ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයට ද උඩුගම්පල හංදියෙන් ගම්පහ මිනුවන්ගොඩ දෙසට ගමන් කළ හැකිය.
  • ගම්පහ දෙස සිට ජා ඇල දෙසට ගමන් කරන වාහන ජා ඇල වට රවුම අසලින් ඇති පහලගම මාර්ගය ඔස්සේ මාකිලංගමුව හංදිය දක්වා ගොස් දකුණට හරවා කිරිදිවිට හංදිය ඔස්සේ ජා ඇල දෙසට ගමන් කළ හැකිය .


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46