මිලියන 226 කට අධික මුදල් වංචා කිරීමේ චෝදනාවකට කාන්තාවක් රිමාන්ඩ්

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකාර කාන්තාව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් මිලියන 226 කට අධික මුදල් සහ රන් භාණ්ඩ වංචාකළ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ඇයට චෝදනා එල්ලවී තිබේ.

ඇය ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඉන් පසුව අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

විදේශ රටවල මුදල් තැන්පතු සහ තවත් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායි මුදල් ලබාදෙන බවට පවසමින් ඇය කොළඹ ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ පිළිගත් පුද්ගලයින් රැසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46