ඉදිරි මාසවල තෙල් මිල කෙසේ වෙයිද? ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

 ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාසවල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශයේ දී මේ බව සඳහන් කළේය.

“මේ අර්බුදය අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලීය ප්‍රවණතාවයන්ගෙන් අපට පීඩාවිඳීමට අපට සිදුවෙනවා. ඉන්ධන මිල එවැනි එක් දෙයක්. යූක්‍රේන යුද්ධයේ බලපෑම නිසා ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරී මාස වෙද්දි ලෝකයේ ඉන්ධන නිෂ්පාදන පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා. ඊයේ මම හිතන්නේ ඔපෙක් සංවිධානයක් ප්‍රකාශ කළා තමන්ගේ නිෂ්පාදනය අඩුකරන්න යනවා කියලා. ඒ නිසා සිදුවෙන්නේ යුරෝපයේ දියුණු රටවල් ශීත කාලයට මේ ඉන්ධන මිලදී ගන්නවා. එකක් ඉන්ධන වෙළෙඳපොළේ අඩුවක් තිබෙනවා. එකෙන් වැඩි ප්‍රමාණයක් යුරෝපා රටවල් මිලදී ගන්නවා. එතකොට සිදුවෙන්නේ ලංකාව වැනි රටවලට ඉන්ධන මිල තවත් වැඩිවෙනවා. විශේෂයෙන් මේ නිසා ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාවේ රටවල් ගණනාවකට ඒකට මුහුණදෙන්න තියෙනවා. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රඳවාගැනීම සඳහා අප දැන් සිටම සැලසුම් කර යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46