රාජසන්තක කළ හමර් රථය නැවතත් ගෙන්වපු කෙනාගෙම අතට ගිහින්

පසුගියදා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසු එය ආනයනය කළ පුද්ගලයාට ම ලබාදීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

මේ වසරේ (2022) පෙබරවාරි 22 වැනිදා අදාළ වාහනය තවත් වාහන තුනක් සමග ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ,

පසුව ඒවා රාජ සන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා ඇති අතර එමගින් ශ්‍රී ලංකා රජයට කිසිදු අලාභයක් සිදුව නොමැත. එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී ඇත.අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40 ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5ටය. එනම් තක්සේරු වටිනාකමින් 33. 75%ක අඩු මිලක් යටතේය. නමුත් රේගු ආඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකමින් 10%ක් නො ඉක්මවූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක්වේ.රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක රජයට අය විය යුතු මුදල් අය නොවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46