දයාසිරි ජයසේකරට ආපු ලක්ෂ 13ක විදුලි බිල ?

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට ලබාදී තිබූ ඇමති නිවසේ විදුලි බිලක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.එහි දැක්වෙන්නේ ග්‍රෙගරි පාරේ ඇති දයාසිරි ජයසේකරට ලබාදී තිබූ නිවසක විදුලි බිලක්.

මෙම ලිපියේ සඳහන් වන පරිදි 2016 ජනවාරි මාසයේදී අදා ස්ථානය දයාසිරි ජයසේකරට ලබාදී ඇති අතර 2022 අගෝස්තු මස වනවිට එහි හිඟ විදුලි බිල 1,132,188 ක්. ඒ අනුව දයාසිරි ජයසේකර ජයසේකර පදිංචිව සිටි කාලය තුලදී සිදුකරන ලද පරිභෝජනය වෙනුවෙන් 6 37,488 ක හිඟ මුදලක් පවතින බව එම ලිපියේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව දැනගැනීමට දසත ලංකා නිව්ස් අප දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ. පාර්ලිමේන්තුව තුල සුදු ඇදගෙන කතා කරන ඇතැම් මහත්වරුන් තවමත් කරන්නේ මිනිසුන්ට කොකා පෙන්වන බව මෙවන් සිදුවීම්වලින් මනාවට පැහැදිලි වනවා.

එක ආහාර වේලකින් ජීවිතය ගැටගහන්නා මිනිසුන් සිටිනා රටක, ගැබිණි මවට නිසි පෝෂණයක් ලබාදීමට නොහැකි රටක, දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙන රටක මන්ත්‍රීවරයෙකු ලක්ෂ ගණනින් විදුලි බිලට පොලු තියද්දී විදුලි බල මණ්ඩලයේදී දෑස් අන්දවී තිබීමද කණගාටුවට කරුණකි.

රුපියල් 3000 බිලට නිසි වේලාවට ගොස් විදුලිය විසන්ධි කරන රටක, වසර ගණනක් හිඟ බිල් තිබියදී පවා ලියුම් යවා සැනසෙන රාජ්‍ය නිලධාරීන් සිටිද්දී දේශපාලඥයාට පමණක් ඇගිලි දිගු කිරීමද අසාධාරණය.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම අසරණ ජනතාව වෙනුවෙන් හඬ නැගූ දයාසිරි ජයසේකරත් මේ රට වැටී ඇති තැනට වගකිව යුතු නොවන්නේද..?

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ලිපිය පහතින්…

5f8aa757 264c 4d78 9990 53dc553711b5
a6fadddb 3b75 40c3 b3dd 25779aa78e48


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46