දුරකථන උපාංග වල මිල නැවතත් ඉහළ යන ලකුණු ?

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ක්‍රියාත්මක කිරීමත් සමඟ සියලුම වර්ගයේ ජංගම දුරකථන සහ උපාංගවල මිල ඉහළ යා හැකි බවට සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.වාර්ෂික පිරිවැටුම රුපියල් කෝටි 10 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා සියයට 2.5ක බද්දක් පනවන බව එම සංගමය පවසයි. මිලියන 120 කි.

රජය විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් භාණ්ඩය පාරිභෝගිකයා වෙත ළඟා වන විට එය 5%කට ආසන්න වන අතර එමඟින් ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් ඉහළ යනු ඇතැයි එහි සඳහන් වේ.

සමාජ ආරක්ෂණ දායක මුදල් අය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එය 2022 ඔක්තෝබර් 01 දින සිට බලාත්මක වුණා. මෙම පනත් කෙටුම්පත 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ලෙස බලාත්මක වනු ඇත

2022 අයවැය මගින් කොවිඩ් 19 වසංගතයෙන් බැට කෑ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සහ ආර්ථිකය යළි ගොඩනැගීමේ පියවරක් ලෙස සමාජ ආරක්ෂණ දායක බද්ද හඳුන්වා දෙන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50