‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් හෙට (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා
එම බද්ද අය නොකරන්නේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරු ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් දැනුවත් කර තිබියදී අද පස්වරුවේ එම බද්ද අය කිරීමෙන් මේ වන විට මුදල් ගෙවූ ඇනවුම් ලැබීම ද අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් මෙම බද්ද අය නොකරන බවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ද ප්‍රකාශ කළ බව ද නාඔටුන්න පැවසීය













